Connect with us

පුවත්

ඩෝසර් කිරීමට පෙර රැකගමු

පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වු සිදුවීමක් වූයේ සාම්පූර් සුඩාකුඩා ප්‍රදේශයේ පිහිටි පෞරාණික දාගැබක් ඩෝසර් කර විනාශ කර දැමීමයි.  අනුරාධපුර යුගයට අයත් වූ එම පෞරාණික දාගැබ් වහන්සේ අසල මෑතකදී කෝවිලක් ඉදි කර තිබූ අතර , එම කෝවිල ඉදිකෙරු පිරිස විසින් මෙලෙසින් ඩෝසර් කර දමා දාගැබ විනාශ කොට තිබුණා.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු විශාල ජනතා ප්‍රතිරෝදයක් හටගත් අතර පසුව එම දාගැබ පිහිටි භූමීයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණ කටයුතු ඇරඹුණා. මේ අනුව එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ ඇරඹී තිබුණා. මෙලෙසින් ගවේෂණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරි ටී.එම්.සී. බණ්‌ඩාර මහතා ප්‍රමුඛ ගවේෂණ කණ්‌ඩායමට ඩෝසර් කරන ලද සාම්පූර් සුඩකුඩා දාගැබට නුදුරින් එම පොලිස්‌ වසමේ තවත් ස්‌ථාන දෙකක පිහිටා ඇති පෞරාණික දාගැබ් දෙකක්‌ හමුව තිබෙන වාර්තා වෙනවා.

අන්තවාදීන් විසින් විනාශ කළ සුඩකුඩා දාගැබ සොයාගනු ලැබුවේ ද මෙම කණ්‌ඩායම විසිනි. අලුතින් සොයාගනු ලැබූ එක්‌ දාගැබක්‌ කට්‌ටපරිච්චාන්වලට නුදුරින් පිහිටි ගනේෂපුරම් ප්‍රදේශයේ පිහිටා ඇති අතර අනෙක්‌ දාගැබ ඉලන්කන්තෙයි හෙවත් පැරැන්නන් භාවිතා කළ ඇලකන්ද නමැති ප්‍රදේශයෙන් හමුව තිබේ.

මෙම දාගැබ් දෙකද සුඩකුඩා දාගැබ මෙන් අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරන බව ගවේෂකයෝ පවසනවා. මෙහි කැණීම් සිදුකරන තුරු එය ඉදිකරන ලද අවධිය නිශ්චිතවම පැහැදිලි කරගත නොහැකි බව පවසන ගවේෂක කණ්ඩායම කෙසේ වෙතත් ඉලන්කන්තෙයි ප්‍රදේශයේ වැව අසල පිහිටි දාගැබේ දැනට මතුවී ඇති ගඩොල්වල ස්‌වභාවය අනුව මෙම දාගැබ් අනුරාධපුර මුල් යුගයට අයත් යෑයි අනුමාන කළ හැකි යැයි කියා සිටිනවා. ගනේෂපුරම් සොයාගත් දාගැබ මානා පඳුරුවලින් වැසී ඇති අතර සාම්පූර් නැගෙනහිරින් පිහිටි ඉලන්කන්තෙයි දාගැබ ගරා වැටී පාදම් ගඩොල් මතුවී ඇත.

සුඩකුඩා දාගැබට අයත් වූ ඉරණම මෙම දාගැබ් දෙකට අත්වීමට ඉඩනොදී ඒවා රැක ගැනීමට වැඩපිළිවෙළක්‌ යෙදිය යුතු යෑයි වැඩිදුරටත් අදහස් දක්වන ගවේෂක කණ්ඩායම පවසනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular