Connect with us

පුවත්

තවත් දැවැන්තයෙකුගේ සිරුරක් රක්ෂිතයකින් හමු වූ හැටි

ඝාතනය කළ බවට සැක කෙරෙන කල්ලාරු හස්තියාගේ හිස සහ සිරුරු කොටස් සිලාවතුර – මුල්ලිකුලම් රක්ෂිතයේ තිබී අද සොයාගෙන තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ හස්තියාගේ මරණය ස්වභාවික මරණයක් නොවන බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණ වන බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ ස්ථානයට මේ වන විටත් පොලිස් කණ්ඩායම් දෙකක් පිටත් කර යවා ඇති අතර, සොයාගත් සිරුරු කොටස් සම්බන්ධයෙන් විද්‍යාත්මක විමර්ශනයක් සිදුකිරීමට ද නියමිතයි.

මෙම ඇතාගේ බවට සැක කෙරෙන අඩි 4ක් පමණ දිගැති ඇත් දළ යුගලයක් සමඟ පසුගිය දා පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඒ අනුවයි මෙම පරීක්ෂණ ආරම්භ කෙරුණේ.

තන්තිරිමලේ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් වූ ඇත් දළ යුගල කල්ලාරු හස්තියා ඝාතනය කර ලබා ගත් ඒවා බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මෙම ඇතා දැනට මාස 8 ක පමණ සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හෝ ඒ අවට දක්නට නොලැබෙන බව හමුදාව සහ ඒ අවට පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත දැනුම්දී තිබුනා.

අඩි 4 යි අඟල් 7 ක දිගින් යුත් ඇත් දළ යුගලක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පසුගිය දෙසැම්බර් මස 29 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ වෙත ලද තොරතුරකට අනුවයි.

ඉන් එක් සැකකරුවෙකු මල්වතු ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් අතර, ඉතිරි දෙදෙනා සිලාවතුර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැණුනා.

ඒ අතර, සිලාවතුර පොලිස් වසමේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා සිටීම ද විශේෂත්වයක්.

මොවුන්ගෙන් හෙළි වූ කරුණු මත කිලෝග්‍රෑම් 50 ක් පමණ බරැති දළ යුගලය සොයා ගැණුනේ මල්වතුඔය පාලම අසල වන කැළෑබද ප්‍රදේශයක වළ දමා තිබියදීයි.

සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම ඇත් දළ යුගලය මෙතෙක් සොයාගත් විශාලතම ඇත් දළ යුගලය බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එක් ඇත් දළයක් අඩි 4 යි අගල් 4 ක් දිගින් යුක්ත වන අතර අනෙක් ඇත් දළය අඩි 4 යි අගල් 3 ක පමණ දිගින් යුක්ත වනවා.

එමෙන්ම ඒවා අඩි 1 යි අගල් දෙකක වට ප්‍රමාණයකින් ද යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular