Connect with us

බුදුදහම

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

පුනර්භවය හා පුනරුප්පත්තිය ඕනෑ තරම් කතා අපේ ඉතිහාසයට එකතුවෙලා තියෙනවා. ඒ වගේ තවත් සුවිශේෂී කතාවක් පසුගියදා අසන්නට හැකියාව ලැබුණා.

මීට දින කිහිපයකට පෙර භූතාන රැජින හා ඇයගේ මුණුපුරු සාමනේර හිමිනමක් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයක් සඳහා පසුගියදා ලංකාවට පැමිණ මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්තා. ඒ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් මෙම සාමනේර හිමියන්ගේ ඉල්ලීමත් සමඟයි.

මේ වන විට සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ ඇති දැනීම සම්බන්ධයෙන් මහ රැජිණිය මෙන්ම තමන් වහන්සේද මවිතයට පත්වූ බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ද මුද්‍රිත මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

සාමනේර හිමියන් ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම හොඳින් දන්නවා. කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් පවසා තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා. රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.

උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ. මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා. මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.

ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා.

මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.

රැජිනිය ඇතුළු සියළුම දෙනා මවිතයට පත්වී සිටියේ. සාමනේර හිමියන්ගේ දැනුම පිළිබදව මාත් මවිතයට පත්වුණා . රැජිනිය පවසනවා සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති කියලා. බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් බොහෝ දේවල් දන්නවා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසුව පෙර භවයන් මතකයට එන්න ඇති කියලා මාත් විශ්වාස කරනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular