Connect with us

පුවත්

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

මියන්මාර ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වදින බව එරට සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායමක් පවසයි.

‘අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව’ හෙවත් ‘අර්සා’ කැරලි කණ්ඩායම පසුගිය වසරේ දී මියන්මාර ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ආරම්භ වූ හමුදා මෙහෙයුම් හේතුවෙන් රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියන් හය ලක්ෂ පනස් දහසකට පමණ අසල්වැසි බංග්ලාදේශය වෙත පළා යාමට බල කෙරිණි.

පසුගිය සිකුරාදා රඛයින් ප්‍රාන්තයේ ධාවනය වෙමින් තිබූ හමුදා ට්‍රක් රථයක් වෙත රැක සිට එල්ල කළ ප්‍රහාරය පිටුපස තමන් සිටින බව ‘අර්සා’ කැරලි කණ්ඩායම පවසයි.

එම ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

‘අර්සා’: මේ කවුද?

මියන්මාර ආණ්ඩුව විසින් ‘අර්සා’ කැරලිකරුවන් හඳුන්වනු ලබන්නේ ‘ත්‍රස්තවාදීන්’ ලෙසය.

රෝහින්ග්‍යා ජනතාවගේ දේශපාලනික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තමන් සටන් කරන බව ‘අර්සා’ කැරලිකරුවෝ පවසති.

මියන්මාර ආණ්ඩුව කියා සිටියේ රෝගියෙකු රෝහලක් වෙත රැගෙන යමින් තිබු හමුදා ට්‍රක් රථයක් “අන්තවාදී බංග්ලාදේශ ත්‍රස්තවාදීන්” විසි දෙනෙකුගේ පමණ ඉලක්කය වී ඇති බවය.

ප්‍රහාර එල්ල කිරීම සඳහා කැරලිකරුවන් විසින්ම සාදා ගන්නා ලද බෝම්බ සහ ආයුධ යොදා ගෙන ඇති බවත් මියන්මාර ආණ්ඩුව සඳහන් කරයි.

තමන් විසින් එම ප්‍රහාරය එල්ල කරන ලද බව සනාථ කරමින් ‘අර්සා’ නායක අතා උල්ලාගේ නිවේදනයක් අඩංගු ට්විටර් පණිවුඩයක් එම කණ්ඩායම පළ කර තිබේ.

“මියන්මාර රජයේ අනුග්‍රහය ඇතිව සිය ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක ත්‍රස්තවාදයට” එරෙහිව සටන් වදිනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

රෝහින්ග්‍යා ප්‍රජාව ගලවා ගැනීම සහ ආරක්ෂා කර ගැනීම එහි පරමාර්ථය බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය අගෝස්තු 25 වෙනිදා රඛයින් ප්‍රාන්තයේ පොලිස් මුරපොළවල් වෙත අර්සා කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් 12 දෙනෙකු මරණයට පත් විය. එය ඔවුන් විසින් මේ දක්වා එල්ල කරන ලද විශාලතම ප්‍රහාරයයි.

ඊට ප්‍රතිචාර වශයෙන් මියන්මාර ආරක්ෂක අංශ විසින් කැරලිකරුවන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

තමන් ද එම මෙහෙයුම්වල ඉලක්ක වූ බව බංග්ලාදේශය වෙත පළා ගිය රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියෝ පවසති.

අගෝස්තු මාසයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු මසක් ඇතුළත අවම වශයෙන් රෝහින්ග්‍යා වැසියන් 6,700 දෙනෙකුවත් මරා දමනු ලැබ ඇති බව දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය පවසයි.

සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම, රෝහින්ග්‍යා ගම්මාන ගිනිබත් කිරීම, කාන්තාවන් සහ ගැහැණු ළමුන් දුෂණය කිරීම සහ දේපළ පැහැර ගත් බවට එල්ල වන චෝදනා මියන්මාර හමුදාව ප්‍රතික්ෂේප කරයි.

 

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook

Advertisement
පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

තාක්ශණ2 weeks ago

Phone එකේ ඉක්මනට Battery බහිනවද ? එහෙනම් මෙන්න බැටරියේ ආයු කාලය වැඩි කර ගන්න Tips ටිකක්

පුවත්2 weeks ago

ඡන්ද ‍පොළට බුර්කා තහනම් මහින්ද දේශප්‍රිය කියයි

බුදුදහම2 weeks ago

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්2 weeks ago

ඩෝසර් කිරීමට පෙර රැකගමු

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

ලොව වටා2 weeks ago

බලන්න ටොන් 6 ක් විතර බර මේ පාෂාන බැලන්ස් කරන අපූරුවට

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

පෙම් කළ වරදට ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදිය

පුවත්2 weeks ago

බලංගොඩ නාහිමි රට පාලනය කරන්නන් ගැන කී අනාවැකි

පුවත්2 weeks ago

බේරුවල අන්ආගමික ප්‍රචාරණය මෙන්න

බුදුදහම2 weeks ago

තවම අවුරුදු හතරයි සැවොම පුදුමයට පත්කරමින් බෞද්ධ සිද්ධස්ථාන වල ඉතිහාසයත් හඳුනාගනියි. ( Photos )

විනෝදාස්වාද2 weeks ago

තැනක් නොතැනක් නැතුව අමුතු විදිහට නිදාගත්තු මිනිස්සු

පුවත්2 weeks ago

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

පුවත්2 weeks ago

මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට පුරවැසි සංගම් එරෙහි වෙයි

පුවත්2 weeks ago

මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

පුවත්2 weeks ago

2050 දී යුරෝපයට වෙන දේ

පුවත්1 week ago

කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව !

Most Popular